තණමල්විල පොලිස් වසමේ, සර්වෝද හන්දියේ දී පුද්ගලයෙකුට සහ ඔහුගේ පුත්‍රයාට තියුණු ආයුධයකින් සහ යකඩ පොල්ලකින් පහරදී ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (26) දින මෙය සිදුව ඇති බවය.
එහිදී තුවාල ලැබු දෙදෙනා තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පියාව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරු කර යවා ඇත.
තුවාල ලබා ඇත්තේ 15 හැවිරිදි දරුවෙක් සහ ඔහුගේ 56 හැවිරිදි පියා ය.
පහරදීම පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකර ඇති අතර, එක් පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අනෙක් සැකකරු සොයා තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.