මන්නාරම නගරයේ නිවසක සඟවාගෙන සිටි ජෙලට්නයිට් නැමති පුපුරණද්‍රව්‍ය කූරු 525 ක් සහ ඩෙටනේටර් නැමති පුපුරණද්‍රව්‍ය 354 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම පොලිසිය පවසයි.
මන්නාරම යුදහමුදා බුද්ධි අංශයටට ලැබුනු තොරතුරකට අනුව ඒ් පිළිබඳව මන්නාරම් පොලිස් අපරාධ විමර්ශන අංශයට දැනුම් දී ඒහි නිලධාරීන් පිරිසක් විසින් මන්නාරම නගරයේ මූවර් වීදියේ විශේෂ සෝදිසි වැටලීමක් සිදුකොට ඇත.
ඒහිදී නිවසක් තුල සඟවාගෙන සිටි අදාල පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර අදාල පුපුරණද්‍රව්‍ය තොගය කුරුනෑගල ප්‍රදේශයෙන් සැකකරු විසින් ලබාගෙන නිවසක සඟවාගෙන සිටි ඇතැයි පොලීසිය අනාවරනය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකු වන අතර අදාල පුපුරණද්‍රව්‍ය තොගය මන්නාරම් ධීවරයින්ට නීතිවිරෝධීව මන් ඇලීම සඳහා විකීණීම සඳහා මෙලෙස සඟවා තබන්නට ඇතැයි පොලීසිය සැක පල කර සිටියි.
අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටත් මෙම පූපුරණද්රව්ය ලබාගත් පුද්ගලයින් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.