බන්ධනාගාරගත රැඳවියන්ට නත්තල් උත්සවය සහ නව වසර වෙනුවෙන් විවෘතව අමුත්තන් පෙන්වීම සියලුම බන්ධනාගාරවලදී මේ මස 24 සහ 25 දෙදින ක්‍රියාත්මක වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.
බන්ධනාගාර නීතිරිති සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේදී රැඳවියෙක් වෙනුවෙන් ඥති හිතමිතුරන් තිදෙනෙකුට පමණක් අවස්ථාව හිමිවන බවත් ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක් සහ රසකැවිලි එක් අයෙකුට සරිලන ප්‍රමාණයට පමණක් රැගෙන ආ යුතු බවත් ඒ මහතා කීය.
තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන නොඑන ලෙස දන්වන බව කී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා මෙම වැඩසටහනට සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් පොලිසිය සමග එක්ව ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සියලුම බන්ධනාගාර අධිකාරීවරුන්ට උපදෙස් දුන් බව ද ඒ මහතා සඳහන් කළේය.
මෙම වැඩසටහනේදී රැඳවියන්ට පවුලේ සාමාජිකයන් හෝ හිතවතුන් සමඟ අදාල බන්ධනාගාරයේ විවෘත ස්ථානයකදී කථා කිරීමේ අවස්ථාව සහ ඇතැම් විට ඔවුන් සමඟ කෑම කෑමේ අවස්ථාව ද හිමිවේ.