බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඊයේ (22) පස්වරුවේ සිදු කළ යුක්තිය මෙහෙයුමේ දී හෙරෝයින්, අයිස්, ගංජා සහ නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයන් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බලන්ගොඩ නගරයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල මෙම මෙහෙයුම දියත් කර තිබිණි.
බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළේ දී පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 71ක් හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03ක් ගංජා ග්‍රෑම් 550ක් ද එහි දී පොලිස් භාරයට ගත් බව සඳහන් වේ.