ආනයනික ලොකු ලූනු තොග ගබඩාවල සඟවා ඉතා සූක්ෂම ලෙස වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරු පිළිබඳ පාරිභෝගික අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික තොඟ ගබඩාවක් මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය සහ ඉරානය ආදී රටවල් රැසකින් ගෙන්වා තිබූ ලොකු ලූනූ තොග හමුවී ඇති බව වාර්තා වෙයි.
එම තොග ගෙන්වන ලද සමාගම් හෝ අලෙවි ජාලය සම්බන්ධයෙන් නිසි තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා එහි සේවය කරන පිරිස් සතුව නිශ්චිත ලේඛන නොතිබූ බවද මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය පැවසීය.
ඒ අනුව ඊට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී රේණුක කුමාර මහතා සඳහන් කළේය.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්දික අරුණ කුමාර මහතා ප්‍රකාශ කළේ දේශීය බිත්තර ද රුපියල් 35කට අලෙවි කිරීමට හැකියාව තිබියදී දේශීය නිෂ්පාදකයින් බිත්තර සඟවා වාසි ලබාගන්නා බවය.