තරුණියක් මුල් කරගෙන මිල්ලනිය බැල්ලන්තුඩාව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් සිව්දෙනෙකු කැපුම් තුවාල ලබා රෝහල් ගතව ඇතැයි මිල්ලනිය පොලීසිය පවසයි.
ඇතිවූ ගැටුමෙන් යතුරුපැදියකට හා ත්‍රීරෝද රථයකටද බරපතළ අලාභ සිදුවී ඇත.
මිල්ලනිය බැල්ලන්තුඩාව ධම්මානන්ද මාවතේ, වෙළඳසලක් ඉදිරිපිටදී කඩු සහ මන්නාවලින් එකිනෙකට පහර දෙමින් මෙම ගැටුම හටගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු බැල්ලන්තුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා පොකුණුවිට පදිංචිකරුවෙකි.
සිද්ධිය වූ ස්ථානයට පානදුර අපරාධ පරීක්ෂණාගාරය නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.
පානදුර පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙනුවට (වැඩ බලන) සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න, සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.