කටුනායක ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි ගුවන් මගියෙකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ රුපියල් විසි දෙලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද(11 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු ගම්පොළ , පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි , නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙකි.
ඔහු ඩුබායි සිට ඕමානයේ මස්කට් නුවර වෙත පැමිණ , එතැන් අද අලුයම 03.30 ට ස්ලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ ” මැන්චෙස්ටර් ” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 22,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 114 ක් සගවා ගෙන සිටියදී , පොලිසිය විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ