වාකරේ මාන්කේනි ප්රදේශයේ දේවාලයක් පවත්වාගෙන යනු ලබන කපුවෙකු විසින් සිදුකළ බව කියන පහරදීමකින් පුද්ගලයකු මිය ගොස් තවත් කාන්තාවක තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇතැයි වාකරේ පොලිසිය පවසයි.
මෙසේ පහර කෑමට ලක්ව මියගොස් ඇත්තේ පූනානි ප්රදේශයේ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
වාකරේ මාන්කේනි ප්රදේශයේ කාන්තාවක පහළ කෑමට ලක්ව මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බවටත් ඇය සමග සිටි ඇගේ සහෝදරයා පිළිබඳ කිසිම තොරතුරක් නොමැති බවට ලද පණිවිඩයක් මත පොලිස් විමර්ශන ආරම්භ කෙරිණි.
පොලිසිය විසින් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ රෝහල්ගතව සිටින කාන්තාව සහ ඇගේ සහෝදරයා මාන්කේනි ප්රදේශයේ දේවාලයකට ඉකුත් (6) වැනිදා පැමිණ ඇති බවත් එහිදී දේවාලය පවත්වාගෙන යනු ලබන කපුවා සමග ඇතිවූ බහින්බස්වීමකදී මෙම පහරදීම සිදුවී ඇති බවය.