ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් අලෙවි සැලක මුරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන ප්‍රධාන සැකකරු බියගම ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පසුගිය දහවෙනි මාසයේ 26 දින රාත්රියේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් අලවිසැලක සේවයේ සිටි මුරකරු වන කේ ස්වාමීනාදන් මහතාට පහරදීම හුස්ම හිරකොට ඝාතනය කර ‘එම වෙළඳසැලේ තිබුණු කිතුල් ,පොල් හා මි පැණි බෝතල් හකුරු සහ ආහාර ද්‍රව්‍ය පැහැරගෙන ගොස් තිබිණ.
තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිනබව කියන මොහු මිතුරකු සමඟ පැමිණ මෙම වෙළදසැල කෝ කෑමට සැරසුණු මොහොතේ මුරකරුද මරා දමා ඇතැයි තොරතුරු අනාවරය වී ඇතැයිද පොලීසිය කියයි.
![](https://eethalayanews.com/wp-content/uploads/2023/12/0913-1.jpg)