ලිංගික අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් කල්මුණේ මුලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එම පොලිස් නිලධාරියාව හෝටලයක් තුළදී අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත ඉදිරිපත් කළ විට ලබන 19 වනදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබේ.
අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගත් කල්මුණේ මුලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කල්මුණේ, වරිපතනම් චේන ප්‍රදේශයේ කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
පැමිණිලිකාරියට එරෙහිව කල්මුණේ අධිකරණයේ පවරා තිබෙන නඩු කටයුත්තක දී පැමිණිලිකාරියට වාසි වන අන්දචමින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමටත්, සතියකට වරක් පොලිස් ස්ථානයේ අත්සන් කිරීමට ඇති අධිකරණ නියෝගය මසකට වරක් දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු සලසාදීම සඳහා අල්ලස් වශයෙන් ලිංගික අල්ලසක් ලබාගැනීමට තැත් කිරීමේ දී කල්මුණේ හෝටලයක් තුළ දී අදාළ සැකකරුව අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.