ඉතාලියේ සිසිලියා දූපතේ කතානියා නගරයේ පිහිටි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොළේ මියගිය ශ්‍රී ලාංකිකයකුගේ වකුගඩු දෙක, හෘදය වස්තුව අක්මාව,පෙනහැල්ල සහ ඇස් දෙක ඇතුළු ශරීර අවයව ඒ රටේ සිටින රෝගීන්ට බද්ධ කිරීම සඳහා ඔහුගේ බිරිය මව හා සහෝදරයන් දෙදෙනාගේ කැමැත්ත මත දන් දී ඇත.
මෙසේ සිරුරු කොටස් ලබා ලබාගෙන ඇත්තේ ශමිල ප්‍රනාන්දු නැමැති 35 හැවිරිදි අයෙකි.
ශමිල ප්‍රනාන්දු මහතාගේ බිරිය මීට මාස 6 කට පමණ ඉහත දී එරටට ගොස් ඇති අතර සහෝදරයන් දෙදෙනෙකු වසර ගණනාවක සිට ඉතාලියේ රැකියාවල නිරතව සිටින ඒ රටේ සිටින එමිල් රොහාන් මහතා (27) පැවැසීය.
ප්‍රනාන්දු මහතාගේ මහතා ද සිරුරු කොටස් ඒරටේ වෛද්‍ය විශේෂඥවරුන් විසින් ලබාගෙන ඇත්තේ ඔහුගේ පවුලේ අයගේ පූර්ණ කැමැත්ත ඇතිව බව රොහාන් මහතා වැඩිදුරටත් කීය.
සිරුරු කොටස් දන් දුන් ශමිල ප්‍රනාන්දු මහතා වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
ඔහුගේ බිරිඳ කලක් ගුවන් හමුදාවේ රාජකාරි කර ඇති සෙබළියකි.
ප්‍රනාන්දු මහතා මීට වසර විසි තුනකට පමණ ඉහත දී ඉතාලියේ රැකියාවක් සඳහා ගොස් සිටි තමාගේ ද මිතුරකු වන බවත් රොහාන් මහතා පවසයි.
ඔහු ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්සුවිශේෂී සමාජ මෙහෙවරක ද නිරතව සිටි බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
සිරුරු කොටස් දන් දුන් ඒ මහතාගේ අවසන් කටයුතු ඉතාලියේ කතානියා හිදී සිදු හිදී සිදු කිරීමට නියමිතව තිබිණි.