මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 5කට අධික මුදලක් සමග සැකකරුවෙකු සහ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මව අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව ඇත.
ඒ බණ්ඩාරගම හා අලුබෝමුල්ල ප්‍රදේශවලදීය.
බණ්ඩාරගම ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමකට අසාමාන්‍ය ලෙස මුදල් බැරවන බවත්, එම මුදල් කඩිනමින් ATM යන්ත්‍ර මගින් ලබාගන්නා බවත් විමර්ශන නිලධාරීන්ගේ අවධානයට ලක්වීමත් සමඟ එම නිලධාරීන් ආරම්භ කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම 34 හැවිරිදි සැකකරු සහ ප්‍රධාන ජාවාරම්කරුගේ 67 හැවිරිදි මව අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට පත් සැකකරු කුඩු සළිඳුගේ මුදල් පාලක ලෙස හැඳින්වෙන ප්‍රදීප් නිශාන්ත හෙවත් “ලොකු මුදලාලි” නමැති අයෙකි.
මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ මොවුන් විසින් මත්ද්‍රව්‍ය අලෙවියන් උපයන මුදල් බැංකු ගිණුමට බැරකරවාගන්නා බවය.
පොලිස් භාරයට ගත් රුපියල් කෝටි 5කට අධික මුදලින් කෝටි 3ක මුදල් සොයාගෙන ඇත්තේ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව ඉදිකරමින් පවතින නිවසක උඩුමහලේ වතුර ටැංකිය යට කොන්ක්‍රීට් වලින් මුද්‍රා තැබූ රහස් කුටියක තිබීයදීය.
එසේම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ජාවාරම්කරුට අයත් අලුබෝමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී දැනට අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තු භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු සළිඳුගේ නමින් නිකුත් කළ වචුචර් පත් 21 ක් ද සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ජාවාරමේ ප්‍රධාන සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මක බවය.