ත්‍රිරෝද රථයක ඉදිරිපස බුදු පිළිමයක් සහ ඇත්දළ ජෝඩුවක අනුරුවක් තබා ගෙන යෑම රථ වාහන නීතියට අනුව වරදක් බව පෙන්වා දී ඊට දඩ කොලයක් නිකුත් කිරීමෙන් වැළකී ඒ් වෙනුවනට ත්‍රී රෝද රථ රියදුරාගෙන් බලහත්කාරයෙන් පෙට්‍රල් බෝතලයක් ලබාගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක වරයාගේ සහ පොලිස් සැරයන්වරයා ගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
වැඩ තහනමට ලක්කර ඇත්තේ කුරුණෑගල, ඉඟුරුවත්ත පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයකුගේ සහ වෙලගෙදර පොලිසියේ රාජකාරි කරන පොලිස්සැරයන් වරයකුගේ ය.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ විශේෂ උපදෙස් මත පරීක්ෂණ පවත්වා මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා විසිනි.