මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 5,11,12,500 මුදලක් හා රන් පැහැති අත් පළඳනාවක් සමග සැකකරුවකු හා ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගේ මවක අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
වයස අවුරුදු 34 හා 67 අතර පසුවන සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුබෝමුල්ල පමුණුගම ප්‍රදේශයේ දීය.
බැංකු ගිණුම් භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්න ලද මුදල් හුවමාරු කරගැනීම හා මත්ද්‍රව්‍ය ආශ්රිත ව සිදු කරනු ලබන වෙනත් ගනුදෙනු සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සිදු කළ විමර්ශණයකින් අනතුරුව සැකකරුවන් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගිණුම් හිමියාගේ විස්තර පිළිබඳ සොයා බැලීමේදී ව්‍යාජ හැඳුනුම්පතක් සහ ව්‍යාජ ලිපිනයක් භාවිතා කරමින් ගිණුම් විවෘත කර ඇති බවට අනාවරණය වී යැයි යයි පොලීසිය කියයි.
පසුව දීර්ඝ ලෙස මෙම ගිණුම් සම්බන්ධව විමර්ශනය සිදු කළ නිලධාරීන් මුදල් ලබා ගැනීමට බණ්ඩාරගම ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසලට පැමිණි අවස්ථාවේදීය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අලුබෝමුල්ල පමුණුගම නිවසේ අල්මාරියේ තැන්පත් කර තිබූ එම මුදල් සහ අත් පළඳනාව සොයාගත් බවත් අනතුරුව ප්‍රධාන ජාවාරම්කරුගේ මවද ආධාර අනුබල දීමේ වරදට අත්අඩංගුවට ගත් බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.