රිවෝල්වර් අවියකට සමාන ගිනිඅවියක් සමඟ මාලදිවයින් ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ඊයේ (11) රාත්රී කාලයේ මෙරටින් මාලදිවයින බලා පිටත් වීමට නියමිත ව තිබූ ගුවන් යානයෙන් පිටවීමට පැමිණ තිබිණි.
එහි දී ඔහු ගේ ගමන් මල්ල ස්කෑන් පරික්ෂාවට ලක් කිරීමේ දී එහි රිවෝල්වර් අවියකට සමාන ගිනි අවියක් තිබී ඇත.
පසු ව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, 58 හැවිරිදි මාලදිවයින් ජාතිකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.