ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ.
ලඹ සවන් රන් පටින් කියන හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.
ඔහු තුළ හිටයේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.
නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.
දේශපාලනයට සමු දීපු ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා විවිධාකාරයේ පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.
කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.
මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.
මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා දුරදිග ගෙනියන්න.
දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා. ඇය නමින් ස්වේතා.
අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.
මධුමාධවගේ බිරිඳ එරන්දි කියන්නෙත් සමාජ මාධ්‍ය තුළ බොහෝම සක්‍රීය චරිතයක්.
ඇයත් විටින් විට යම් යම් පළකිරීම් සමාජ මාධ්‍ය තුළ සිදු කරනවා.
එරන්දි, නිල්මිණිගෙත් මධුමාදවගෙත් ආදරණීය දියණි, ස්වේතාගේ ඡායාරූපයක් පළ කරමින් සංවේදී සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා ඔබට මතක ඇති.
ඒ වගේම මධුමාධවගේ පෙර බිරිඳ නිල්මිණි වෙනුවෙනුත් එරන්දි ආදරණීය සටහන් බොහෝමයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
ඉන් නොනැවතී රෙනුෂා වෙනුවෙනුත් ඇය සුබ පැතුමක් එකතු කර තිබුණේ මෙහෙමයි.
‘හිතේ කුහක කමක් නැති බොහොම උසස් ගතිගුණ තියන කාන්තාවක් ඔබ.ගලපා ගන්න බැරි නොගැලපීම් ඉදිරියේ නිහඬවම පිට වෙලා එ ආදරයට අදටත් ගරු කරන ඔබට ගරු කරන්න මට හෙතු අවශ්‍යම නැ.!! ආදරණීය ගෞරවනිය සහොදරිය Renusha ඔබ ලස්සනට කියන තවත් නමක්. ඔයා බලාපොරොත්තු උන ජිවිතය ඔබට ලැබී හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා!!!!’