පුටුවෙන් වැටී හිසට බරපතල තුවාල සිදු වී යැයි සැකකාර රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය පානදුර මාලමුල්ල ව්යාසපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් රවීන්ද්‍රන් මහතා එම මරණය හිසට මොට ආයුධයකින් පහරදීමෙන් සිදුවූ මරණයක් බව නිගමනය කළේය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාලිත විජේසිංහ නැමැති 54 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
ඝාතනයට ලක්වූ ව්යා පාරිකයා මධ්යංම රාත්‍රී4 වනතුරු වෙළඳසැල විවෘත කරගෙන සිටීම පුරුද්දක් කරගෙන ඇති අතර ඉකුත් 6 වැනිදින ඔහු එලෙස වෙළඳසැල මධ්යතම රාත්රිැය වන තුරු විවෘත කරගෙන සිට ඇතැයි පොලිසිය කියයි
ඔහුට ආහාර සපයන පුද්ගලයා ව්යාරපාරිකයා හමුවීම සඳහා වෙළඳසැලට පැමිණි අවස්ථාවේදී ඔහු පෙනෙන්නට නොසිටීම හේතුවෙන් සොයා බැලීමේදී මුදල් අයකැමි මේසය අසල හිසෙන් ලේ ගලන තුවාල සහිතව වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි.