අද (09) උදෑසන පාසල් යමින් සිටි 12 හැවිරිදි සිසුවෙක් ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
නිවස අසල මාර්ගයේ ඇදවැටී ඇති එම සිසුවා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇත.
බුලත්සිංහල, කොබවක ගෝවින්න ප්‍රදේශයේ පදිංචි එම දරුවා හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ප්රබුද්ධ ප්‍රභාෂ්වර නම් පාසල් සිසුවෙකි.
නිවසේ සිට පාසල් යෑමට බස් රථයකට ගොඩවීම සඳහා එම සිසුවාට කිලෝමීටර් 01ක පමණ දුරක් ගමන් කළයුතු වෙයි.
අද උදෑසන එම දරුවාගේ පියා නිවසේ නොසිටීම හේතුවෙන් මෙම සිසුවා පාසල් යාමට නිවසේ සිට පාගමනින් ගොස් ඇති අතර මාර්ගයේ මීටර් 500ක් පමණ දුරක් ගමන් කරනවිටදී සිහිසුන්වී මාර්ගයේ ඇද වැටී තිබේ.
පසුව කඩිනමින් සිසුවාව හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබුණි.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දරුවා මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.