ආදරයට අකැමැති වූවා යැයි උරණ වී බස් රථයක් තුළදී ඥාති සහෝදරියට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකළ වෙළඳ නාවිකයා (සිමන්) පිහියත් සමග අත්අඩංගුවට ගත් බවත් බවත් නාරාහේන්පිට පොලීසිය කියයි.
තුවාල ලද තරුණිය නාරාහේන්පිට මිනින්දෝරු කාර්යාලයේ පාලන අංශයේ සේවය කරනු ලබන පින්නදුව වලහන්දූව ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණිය ප්රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
සැකකරු හා තුවාල කාරිය ගාල්ල සිට නාරහේන්පිට දක්වා අධිවේගී මාර්ග ඔස්සේ බස් රථයෙන් පැමිණ ඇති අතර තුවාලකාරිය නාරහේන්පිට කිරුළ පාර මිනින්දෝරු කාර්යාලය ඉදිරිපිටින් බස් රථයෙන් බැසීම සඳහා සූදානම් වීමේ දී ඇය අසලට පැමිණ තිබූ සැකකරු බෑගය තුළ දමාගෙන ආ රම්බෝ වර්ගයේ පිහිය පිටතට ගෙන ඇයගේ ශරීරයේ ස්ථාන කීපයකට ම පහර දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම පිහියෙන් පහර දීමෙන් තරුණියගේ දකුණු අතේ වැලමිට ප්රදේශය , වම් කකුලෙ දණහිසෙන් පහළ ප්රදේශය තුවාල සිදුවී තිබු බව පොලිසිය කියයි.