සංවිධානාත්මක අපරාධකරුවකු වන හීනටියන මහේෂ්ගේ කූලී ඝාතකයෙකුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදීප් කුමාර හෙවත් “ඇබිත්තියා” නම් සැකකරු යුද හමුදාවෙන් පළා ආ දක්ෂ වෙඩික්කරුවකු බව පොලීසිය සඳහන් කළේය.
සැකකරු සතුව තිබී අයිස් ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඔහු සතුව තිබී වෙනත් නමකින් සැකසූ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, හීනටියන මහේෂ්ගේ උපදෙස් මත තවත් ඝාතනයක් සිදුකර අදාළ ගුවන් ගමන් බලපත්‍රය භාවිත කර විදෙස්ගතවීමට සූදානම්ව සිටි බවය.
එමෙන්ම හීනටියන මහේෂ් හා ‘සුන්නා’ නමැති අපරාධකරුවන් දෙදෙනා විසින් සැකකරුට ලබාදුන් මෙරට නිෂ්පාදිත නීතිවිරෝධී ගිනිඅවියක් සහ ජීව අත්බෝම්බයක් ද විමර්ශකයන් විසින් සොයාගෙන තිබුණි.