විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජපන් රටේ රැකියා ලබාදෙන පවසා රුපියල් ලක්ෂ 163කට අධික මුදලක් එම පුද්ගලයින් දෙදෙනා විසින් වංචාකර ඇති බවටපැමිණිලි 7ක් ලැබී තිබු බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 35 හැවිරිදි සහ 57 හැවිරිදි වියේ පසුවන ඉඹුල්ගොඩ හා හල්මිල්ලවැව ප්රදේශයේ පදිංචිකරුවන්ය.
කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.