යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියකට තම ලිංගේන්ද්‍රිය පෙන්වා ලිංගික ක්‍රියාකාරකමකට පැමිණෙන ලෙස බලකළ පුද්ගලයෙකු මේ මස 20 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා ඊයේ (10) දා නියෝග කොට තිබෙනවා.
එම පුද්ගලයා යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කොට ඔහු සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක්ද එදිනට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට ඇති බව සඳහන්.
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවිය දේශනයකට සහභාගී වී ආපසු ඇයගේ නේවාසිකාගාරය වෙත යමින් සිටියදී පාළු ප්‍රදේශයක සිටි පුද්ගලයෙකු සිසුවියට මෙම ඇසැබි ක්‍රියාව සිදුකොට තමා සමග ලිංගිකව එක්වන ලෙසට තර්ජනාත්මක ඉල්ලීම් කර ඇත්තේ
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුවිය කෝපායී පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය ගොස් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.