වැලි කැනීම් බලපත්‍රයක් ලබාදීමට රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරුවරයා සහ රියදුරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හම්බන්තොටදී (5) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් දෙදෙනා අම්බලන්තොට පොලීසියට රැගෙන විත් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.
අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ ප්‍රසිද්ධ වැලි ව්යාපාරකයකුගෙන් වැලි කැණීම් බලපත්‍රයක් ලබා දීම සදහා නිළධාරියා අල්ලසක් ඉල්ලා ඇති බවත් වැලි ව්‍යාපාරිකයා ඒ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කාර්යාංශයට දැනුම් දීමෙන් පසුව එහි නිළධාරීන් පැමිණ කැනීම් ඉංජිනේරුවරයා අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය කියයි.
වැලි ව්‍යාපාරිකයා අම්බලන්තොට සේනානායක මාවතේදී අල්ලස දෙනවාත් සමඟම අල්ලස් නිළධාරීන් විසින් කැනීම් නිළධාරියා අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ සමඟම ඔහු ගේ රියදුරුද අත් අඩංගුවට ගෙන තිබුණු බව පොලීසිය කියයි.
අත් අඩංගුවට ගත් ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා හා ඔහු ගේ රියදුරු අද (06) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.