රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු ක්රීඩා අධීක්ෂණ නිලධාරියෙකුව අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
හපුතලේ ප්රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තර රැකියාවක් ලබාදෙන බවට පවසා සැකකරු විසින් රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති අතර එය ලබාගන්නා අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්වී තිබේ.
ඒ (05) බොරැල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ය.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2022 දෙසැම්බර් මස දිනක පැමිණිලිකරුගෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන පසුව පැමිණිලිකරුගේ සහෝදරයින් දෙදෙනෙකුට ද කොන්දොස්තර රැකියා ලබාදෙන බව පවසා රුපියල් 75,000 බැගින් ඉල්ලා එම මුදලින් රුපියල් 35,000 බැගින් මුලින් ලබාගෙන, ඔවුන්ට කොන්දොස්තර රැකියා බලාදීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 40,000 බැගින් වූ ඉතිරි රුපියල් 80,000ක මුදල ඉල්ලා ලබාගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.