පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් එක් පුද්ගලයෙක් අනෙක් පුද්ගලයාව තල්ලු කිරීමෙන් එම පුද්ගලයා මාර්ගයට ඇදවැටී රථයක ගැටී මියගොස් තිබේ.
මාර්ගයට ඇද වැටුණු පුද්ගලයා, ඒ මොහොතේ ධාවනය වූ බහාලුම් රථයක ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇත.
කුරුණෑගල දඹුල්ල ප්රධාන මාර්ගයේ තෝරයාය ප්රදේශයේදී (05) පස්වරුවේ එම අනතුර සිදුවී ඇත.
මියගොස් ඇත්තේ සහිදු මොහොමඩ් නමැති 50 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් බහාලුම් රථයේ රියදුරා වන බදුල්ල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය පුද්ගලයා තෝරයාය ප්රදේශයේ පදිංචි සංජු යන නාමයෙන් හඳුන්වන පුද්ගලයා සමග බහින්බස්වී ඇත.
සංජු නමැති පුද්ගලයා එක්වරම මොහොමඩ් නමැත්තාව ප්රධාන මාර්ගයට තල්ලු කිරීමේදී මාර්ගයේ ධාවනය කරමින් තිබූ බහාලුම් රථයේ පසුපස රෝදවලට හසුවී එම ස්ථානයේදීම ඔහු මියගොස් තිබේ.
මෙම සිද්ධියෙන් පසු සංජු නමැත්තා ප්රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ සිදුකරයි.