වවුනියාවේ තච්චන්කුලම ප්රදේශයේ ළිදක තිබී හමු වූ එකම වර්ගයේ අත් බෝම්බ 14 ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (30) පුපුරවා විනාශ කොට තිබෙනවා.
පෞද්ගලික ඉඩමක ළිදක් සුද්ධ කරමින් සිටි අවස්ථාවේදී මෙම අත් බෝම්බ ඉඩම් හිමියා විසින් දැක ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය දැණුවත් කොට ඇති බවයි වාර්තා වෙන්නේ.
පොලිස් නිලධරින් පැමිණ එම ස්ථානයට ආරක්ෂාව යොදවා පසුව අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලවා අත් බෝම්බ පුපුරවා විනාශ කොට තිබෙනවා.
වවුනියාව පොලීස්ය ප්රකාශ කළේ මෙම අත් බෝමබ දාහතර විදෙස් රටක නිෂ්පාදනය කරණ ලද ජේ.ආර්. වර්ගයට අයත් අත් බෝමබ වන අතර ඒවා වැඩි වශයෙන් භාවිත කරණ ලද්දේ කොටි සාමාජිකයින් බවයි.