විදේශිය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග සැකපිට අත්අඩංගුවට ගෙනරැදුවුම් නියෝග යටතේ මිද්දෙණිය පොලීසියේ සිර මැදිරියේ රඳවා සිටිඅයකු ඔහුට දමා තිබූ අත් විලංගු ද සමග පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයිමිද්දෙණිය පොලිසිය පවසයි.
මෙසේ පලා ගොස් ඇත්තේමිද්දෙනිය පොලිස් වසමේ දෙබොක්කාව බටහිර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් 27 වෙනිදා මෙම පුද්ගලයාවිදේශිය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙනතිබිණි.
අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝගයක් මත මෙම සැකකරු මිද්දෙණිය පොලීසියේ සිර මැදිරියේ රඳවා තබා සිට ඇත.