බාල වයස්කාර දැරියක් පැහැරගෙන යාමේ සිදුවීමට අදාළව රාජකාරි ඉටු නොකළ බව කියමින් පුනරින් පොලිසියට එරෙහිව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය දිස්ත්රික් කාර්යාලයට ඊයේ (30) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ සිදුවීමට සම්බන්ධ දැරිය වයස අවුරුදු 15ක කිලිනොච්චියේ පුනරීන් පරමංකරෙයි ප්රදේශයේ පදිංචිකාරියක්.
ඇයගේ දෙමාපියන් සඳහන් කර සිටියේ පසුගිය 22 වන දා ඇයව 27 හැවිරිදි තරුණයෙකු පැහැර ගෙන ගොස් ඇති බවයි.
මෙම තරුණයා සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට පුනරීන් පොලිසියට ලබා දුන්නද ඔහුව අත්අඩංගුවට ගැනීමට ක්රියාත්මක වී නොමැති බවයි සඳහන් වන්නේ.