සෙවණගල ප්රදේශයේ නිවෙසක ඉහළ මාලයේ ඉතා සුක්ෂම ලෙස හරිතාගාරයක් තුළ ඉතා සරුවට ගංජා වගා කළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු කැනබිස් සැටැයිවා එල් නොහොත් ගංජා බලපත්ර නොමැතිව නිවෙසේ ඉහළ කොටසේ ආවරණය කරන ලද හරිත කුටියක් තුළ ගංජා වගාවක් පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.
විශේෂ කාර්ය බළකාය පවසන්නේ හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (28) දින සෙවණගල හන්දියේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි සෙවණගල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සෙවණගල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.