ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව ඕස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ ඊට අදාළ තීන්දුව ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ප්‍රකාශයට පත් කරමින්.
32 හැවිරිදි ධනිෂ්ක ගුණතිලක පසුගිය නොවැම්බර් මාසයේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටිය දී අත්අඩංගුවට ගැනුණා.
එම සිද්ධියට අදාළ නඩු විභාගය දින 4ක් පුරා පැවැත්වුණා. එහි තීන්දුව විනිසුරු සාරා හියුගම් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, ධනිෂ්ක ගුණතිලක මෙම චෝදනාවලට නිවැරදිකරු බවයි.
ඒ අනුව අදාළ කාන්තාව නගන ලද සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.