මීටියාගොඩ දී අද (28) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ එක් පාදයක කලවා ප්රදේශයට වෙඩි වැදී ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ.
තුවාල ලැබූ පුද්ගලයා මීටියාගොඩ මගවෙල ප්රදේශයේම පදිංචි අයෙක්.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.