වසර 11කට පෙර සිය බාලවයස්කාර දියණියව බියගන්වා බළහත්කාරයෙන් අඹුකමට ගත් පාපතර පියෙකුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 10,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 03ක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා ඊයේ (26) සවස නියම කෙරුවා.
මෙලෙස සිර දඩුවම් නියම වුයේ කතරගම කදසුරිදුගම පදිංචි 70 හැවිරිදි තිදරු පියෙකුටයි.
චුදිත පියා විසින් 2012.04.01 දින සිට බළහත්කාරයෙන් සිය දියණියව බියගන්වමින් අවස්ථා ගණනාවකදිම ඇයව අපයෝජනයට ලක්කර ඇති බවට වාර්තා වෙනවා.
අගතියට පත් දැරිය පාසල් යමින් සිටියදි වෙනත් තරුණයෙකු හා පෙම් සබධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර මේ සදහා චුදිත පියා හා ඔහුගේ බිරිද තදින්ම විරුද්ධ වි ඇති බව සඳහන්.
කෙසේ නමුත් අගතියටපත් දැරිය නිවැසියන්ට හොර රහසේ මෙම පෙම් සබධතාවය පවත්වාගෙන ගොස් ඇති අතර පසුව පියාද මේ සදහා මවට හොරා මෙම පෙම් සබධතාවය පවත්වාගෙන යාමට සිය දියණියට උදව් කර තිබෙනවා.
එලෙස දියණියට වෙනත් තරුණයෙකු හා පෙම් සබධතාවයක් පවත්වාගෙන යාමට උදව් කල පියාද බිරිද නොමැති අවස්ථාවලදි සිය දියණියව අඹුකමට ගෙන ඇති බව සඳහන්
පියාගෙන් සිදුවන හිරි හැර දිගින් දිගටම ඉවසා සිටිමට නොහැකිව දැරිය විසින් මේ සම්බන්ධයෙන් මවට පවසා ඔවුන් කතරගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර
ඒ අනුව විමර්ෂණ පැවැත්වු කතරගම පොලිසිය චුදිත පියා අත්අඩංගුවට ගත්තා.
සැකකරු තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නිතිපති වරයා විසින් චුදිතට එරෙහිව 2015.10.05 වන දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ අතර එහිදි පැවති දිර්ඝ නඩු විභාගයකින් පසු පැමිණිල්ල විසින් චුදිතයා අදාල චෝදනාවට වැරදි කරු බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට සමත් වුණා.
ඒ අනුව මහාධිකරණ විනිසුරු වරයා අදාල චෝදනාව සඳහා චුදිතට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් ද ඊට අමතරව රුපියල් 10,000ක දඩයමක් නියම කල අතර චුදිතයා දඩ නොගෙවන්නේ නම් තවත් වසර එකක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණා.
ඉහත දඩුවම් වලට අමතරව අගතියටපත් දැරියට රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරු වරයා චුදිතට නියම කළා.
චුදිතයා අදාල වන්දි මුදල නොගෙවන්නේ නම් ඉහත සියළු දඩුවම් වලට අමතරව තවත් වසර 03ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් ද නියම කරන බවයි නඩුවේ තීන්දුව ප්රකාශයට පත්කරමින් විනිසුරුවරයා සඳහන් කළේ.