රුපියල් කෝටි 12 කට වැඩි වටිනාකමින් යුත් රත්රං තොගයක් නීති විරෝධීව රැගෙන පැමිණි 5 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අප වාර්තාකරු කියා සිටියේ කොළඹ ප්රදේශයේ පදිංචි කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ඒ අතර වන බවයි.
ඩුබායි සිට ගුවන් යානා දෙකකින් සැකකරුවන් දිවයිනට පැමිණ ඇති අතර, සැකකරුවන්ගේ ශරීරයේ සහ ගමන් මලුවල සගවා තිබියදී කිලෝග්රෑම් 6ක් බරැති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය රේගු නිලධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.