වළ දමා තිබූ ක්ලේමෝ බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් චාවාකච්චේරී පොලීසිය විසින් ඊයේ (19) සොයාගෙන තිබෙනවා.
ප්ලස්ටික් බැරල්වල දමා වළ දමා තිබූ මෙම ක්ලේමෝ බෝම්බ හා අනෙක් යුද උපකරණ යුද සමයේදී කවර හෝ පාර්ශ්වයක් විසින් මතු ප්රයෝජනය පිණිස මෙසේ වළ දමන්නට ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.
යුද උපකරණ වළ දමා තිබූ ගෙවත්තේ අයිතිකරු වළක් කැපීමට යාමේදී මෙම යුද උපකරණ හමු වී ඇති අතර පසුව ඔහු ඒ පිළිබදව පොලීසියට තොරතුරු ලබා දී තිබෙනවා.
මෙම යුද උපකරණ තොගය පුපුරවා විනාශ කිරීම සදහා චාවාකච්චේරි අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.