පොලිස් නිලධාරිනියක ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ කාන්තාවක් බොරැල්ල ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, සැකකාරිය විසින් රුපියල් ලක්ෂ 05ක මුදලක් වංචා කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කළ බවයි.
අදාළ කාන්තාව පෞද්ගලික රක්ෂණ ආයතනයක සේවය කරමින් මෙම මුදල් වංචාව සිදු කර ඇත.
මුලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, ඇය උසස් පොලිස් නිලධාරිනියක් බව පවසමින් අවස්ථා දෙකක දී රුපියල් ලක්ෂ 05ක මුදලක් වංචනික ලෙස ඇයගේ ගිණුමට බැර කරගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, 24 හැවිරිදි බොරැල්ල සරණපාල හිමි මාවතේ පදිංචිකාරිනියකි.
සැකකාරිය විසින් ව්‍යාජ හැඳුනුම්පතක් හා පොලිස් මූලස්ථානයේ ලිපි ශිර්ෂයක් ව්‍යාජ ලෙස සකස් කර, එහි ඡායාරූප වට්සප් තාක්ෂණය ඔස්සේ යොමු කරමින් මෙම වංචාව සිදු කර තිබේ.
ව්‍යාජ ලේඛන සෑදීම සඳහා යොදා ගත් ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය මඟින් විමර්ශන ක්‍රියාත්මකයි.