නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් බීඩි කොළ කිලෝග්රෑම් 2,223 ක පමණ තොගයක් පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්රදේශයේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.
වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්රදේශය ආශ්රිතව ඊයේ (12) රාත්රී කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පාර්සල් 70 ක අසුරා තිබූ බීඩි කොළ කිලෝ 2223 යි ග්රෑම් 100 පමණ තොගය සොයාගත් බවත් මෙම ජාවාරම්කරුන්ගේ යැයි සැකකරන යතුරුපැදියක් ද භාරයට ගත් බවත් නාවික හමුදා කීය.
භාරයට ගත් යතුරුපැදිය නොරොච්චෝල පොලිස් ස්ථානය වෙත භාරදී බීඩි තොගය ඉදිරි නීතිමය කටයුතු කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ගත් බව ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.
