පානදුර සොයිසා පාර නිවසකට මන්නයක් රැගෙන කඩාවැදුණු පුද්ගලයෙකු එහි සිටි එකම පවුලේ තිදෙනකුට පහරදී බරපතළ තුවාල සිදුකර ඇතැයි පානදුර දකුණ පොලීසිය පවසයි.
එලෙස තුවාල ලබා ඇත්තේ පියා, මව සහ දියණියකි.
සිද්ධියෙන් අනතුරුව සැකකරු මන්නය ද සමඟ පොලීසියට භාරවී ඇත.
අනියම් සබඳතාවයක් මුල් කරගෙන මෙම සිද්ධියේ වී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.
තුවාල ලැබූවන් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
පානදුර දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.