පුද්ගලයෙකුට වෙඩිතබා පසුව තියුණු ආයුධයකින් කපාකොට බරපතළ තුවාල සිදුකිරීමේ සිදුවීමකට අදාළව පොලීසිය විසින් සොයමින් සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම අපරාධය සිදුකර ඇති පුද්ගලයා සහ ඔහුගේ බිරිඳව ඊයේ (11) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් හුංගම පොලිස් වසමේ වාඩිගල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 11 වනදා හම්බන්තොට ප්රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩිතබා තියුණු ආයුධයකින් කපා කොටා තුවාල සිදුකර තිබීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 23ක් වූ වාඩිගල, රන්න ප්රදේශයේ පදිංචිකරුවන්ය.
සැකකරු සිදුකළ වැඩිදුර ප්රශ්න කිරීම්වලදී මොවුන් හම්බන්තොට හා හුංගම පොලිස් වසමේවල ගවයින් සොරකම් කිරීමේ අපරාධ 03ක් සඳහා සම්බන්ධ බවට අනාවරණය වී ඇත.
සැකකරුට හම්බන්තොට හා වැල්ලවාය මහෙස්ත්රාත් අධිකණය මඟින් වරෙන්තු 06ක්ද නිකුත් කර ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ඊයේ හම්බන්තොට මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.