ජංගම දුරකතන හොරකමේ යෙදී සිටි යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු යාපනය පොලීසිය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිසුන් දෙදෙනා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සිසුන් දෙදෙනෙකු බවත්, ඔවුන් මත්ද්‍රව්‍ය මිලට ගැනීම සදහා ජංගම දුරකතන වැනි දේ සොරාගෙන අලෙවි කොට ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
පොලිසිය පවසන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ එම සිසුන් දෙදෙනා යතුරු පැදිවලින් ගොස් ජංගම දුරකතන හොරකම් කොට එම යතුරුපැදි වලින්ම ගොස් පුද්ගලයින් සමග කතාබස් කිරීමෙන් අනතුරුව සොරාගත් දුරකතන අලෙවි කොට ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබෙනවා.