කපු රෙදි හා ප්ලාස්ටික් බොත්තම් ගෙන්වන මුවාවෙන් ආනයනය කළ විදේශීය දුම්වැටි තොගයක් රේගුවේ මධ්‍යම බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒවා ගෙන එන ලද බහලුම් විවෘත කිරීම අද (11) පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් හි ග්‍රේ ලයින් දෙවන බහලුම් අංගනයේදී සිදුකිරීමට නියමිතයි.
ඉන් අනතුරුව එම දුම්වැටි තොගයේ ප්‍රමාණය සහ වටිනාකම තීරණය කරන බව රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.