නුවරඑළිය මිපිළිමාන පන්සල අසල මාර්ගයේ නිවසක යාබදව පිරිමි පුද්ගලයෙකු අමානුෂික ලෙස තියුණු ආයුධකින් කපා කොටා ඝාතනය කර ඇති බව නුවරඑළිය පොලිසිය කියයි .
මෙසේ ඝාතනය කර ඇත්තේ මීපිලිමාන පිහිටි නිවැස් හිමියෙකුගේ සහයකු ලෙස සේවය කළ කොටහේන ප්රදේශයේ පදිංචි සුන්දරලිංගම් නම් පුද්ගලයෙකු බව නුවරඑළිය පොලිසිය සඳහන් කරයි.
නාදුනන කණ්ඩායමක් සැලසුම් සහගත ලෙස පහරදී ඇති බවත් එම සිද්ධිය වන විට නිවස තුළ මියගිය පුද්ගලයාට අමතරව නිවසේ හිමිකාරිනිය ද රැදි සිටි අතර ඇයද පහර කෑමට ලක්ව නිවසේ ජනේලයකින් පැන ගොස් අසල්වැසියන්ගේ සහය ඉල්ලා ඇතැයි පොලීසිය කියයි.
ඉඩම් ආරවුලක් පදනම් කරගෙන මෙම පහරදීම හා මිනීමැරුම සිදුකර ඇතැයි නුවරඑළිය පොලිසිය සැක කරයි. සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුට ගෙන නැතැයි පොලීසිය කියයි.