ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා යක්කල ,රණවිරු ඇපරල් ආයතනය මගින් සිදු කරනු ලබන සේවා කටයුතු දැකබලා ගැනීම පිනිස නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
දශක තුනක් පුරා මෙරට පැවති යුද්ධයේදී විවිධ ආබාධිත තත්ත්වයන්ට පත් යුද හමුදා සාමාජිකයන් පුනරුත්ථාපනය පිණිස අරඹන ලද මෙම රණවිරු ඇපරල් ආයතනයේදී මේ වනවිට යුද හමුදාවට අවශ්‍ය නිල ඇදුම් සකස් කිරීම සමස්ථ අවශ්‍යතාවයෙන් සියයට 85 ක පමණ ප්‍රමාණයක් සැකසීම සිදු කෙරෙන බව මෙහිදී ප්‍රකාශ විය.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කර්මාන්ත ශාලාවෙහි ඇදුම් නිෂ්පාදනය කිරීමේ කටයුතු ආකාරය දැක බලා ගැනීමෙන් අනතුරුව මෙහි සේවය කරන ආබාධිත රණවිරුවන්ද හමුවී කතා බහකද නිරත විය.
මෙම අවස්ථාවට යුධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සී.ඩී.රණසිංහ, මේජර් ජෙනරාල් රෝහණ ජයවර්ධන , මේජර් ජෙනරාල් ජේ.බී.වනිගසේකර, පුනරුත්ථාපන අධ්යක්ෂ බ්‍රිගේඩියර් ශිරෝන් ඒකනායක, රණවිරු ඇපරල්හි සේනා විධායක බ්‍රිගේඩියර් එම්.ජී.ඒ.එන්.මහතුවක්කාර , නියෝජ්‍ය සේනා විධායක බ්‍රිගේඩියර් අමිල වාසගේ , කර්මාන්තශාලා කළමණාකාර කර්නල් ටයිටස් ජයකොඩි යන නිලධාරීන්ද එක්ව සිටියහ.


