වයස අවුරුදු 15ක දැරියක් දූෂණය කළ සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයකු මාරවිල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දැරියගේ මව සහ පියා නොමැති බවත් ඇය සිය මිත්තණිය සමඟ ජීවත් වී ඇති බවත් පොලීසිය වාර්තා කරයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල, දෙමටපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු වන අතර, ඔහු පින්තාරුකරුවකු ලෙස රැකියාව සිදු කර තිබේ.
තම භාරයේ සිටි මිනිබිරිය අතුරුදහන් වී ඇති බවත් ඇය ලුණුවිල ප්‍රදේශයේ නිවසක සිටින බවත් පවසා වයස අවුරුදු 71ක අදාළ මිත්තණිය පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇත.
ඇය ප්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බව ද පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත.
ඒ අනුව කරන ලද සොයා බැලීමකින් අනතුරු ව දැරිය පොලීසිය භාරයට ගෙන, සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තමන් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන ගිය බවත් මීට මාස 06කට පමණ පෙර දිනයක දී ඔහු තමන් පදිංචි කටුනේරිය නිවසේ දී තමා සමඟ අඹු – සැමි ඇසුරක් පැවැත්වූ බවත් දැරිය විසින් පොලීසිය හමුවේ පවසා ඇත.
පාසල් යාමට අවශ්‍ය නිල ඇදුම් සඳහා රෙදි මිල දී ගැනීමට බව පවසා දැරිය සිය පෙම්වතා සොයා ඔහුගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ.
මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.