වරකාපොල ප්රදේශයේ නිවසකට ඇතුළු වී සංවර්ධන සහකාර නිලධාරිනියක දූෂණයට ලක්කර ඇය සතු රන් භාණ්ඩ කොල්ල කෑ පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.
එම පුද්ගලයා සොයා වරකාපොල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස දූෂණයට ලක් වී ඇත්තේ 48 හැවිරිදි වරකාපොල ප්රදේශයේ පදිංචිකාරිනියක් ය.
ඇයව මෙලෙස දූෂණයට ලක් කළ පුද්ගලයා ඇය පැළඳ සිටි කරාබු ජෝඩුව සහ ජංගම දුරකථනය ද රැගෙන ගොස් ඇත.
කෙසේ වෙතත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව වරකාපොල පොලීසිය සඳහන් කළේ ය.