පාතාල ක්රියාකාරකම් වලට යතුරුපැදි සැපයූ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 39 හැවිරිදි මෝදර ප්රදේශයේ පදිංචි මංජු නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු බව වාර්තා වෙනවා.
සැකකරු සන්තකයේ තිබී විවිධ ප්රදේශවලින් සොරාගන්නා ලද යතුරු පැදි තුනක්ද තුනක් ද පොලිස් භාරයට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.