විශේෂ අවශ්‍යතා තිබෙන දැරියක අපයෝජනයට ලක්කල අසූ හැවිරිදි පුද්ගලයෙකු මත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හම්බන්තොට, ගොන්නොරුව, මහහැඩිල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව වාර්තා වෙනවා.
අපයෝජනයට ලක්වූ පහළොස් හැවිරිදි දැරියගේ නිවසට යාබදව මෙම සැකකරු පදිංචිව සිටින අතර නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවකදී මෙම සැකකරු විසින් බලහත්කාරයෙන් මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.