පවුල් ආරවුලක් මත වසර 13 කට පෙර කතරගම දේවාලේගමදී යුවලක් පහරදී තියුණු ආයුධයකින් ඇණ පහරදීමේ සිද්ධියට වරද පිලිගත් සැකකරුවන් දෙදෙනෙකුට වසර 15ක හා 30 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කර තිබෙනවා.
හම්බන්තොට මහාධිකරණය විසින් ඊයේ මෙලෙස දඩුවම් නියම කෙරුණේ කතරගම – පෙරගිරිගම පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු සහ 39 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකුටයි.
2010 වසරේ අගෝස්තු මස 23 වනදා කතරගම – පෙරරිගම ප්රදේශයේදී අදාළ අඹුසැමි යුවල ඔවුන් දෙදෙනා විසින් ඝාතනය කරනු ලැබුවේ එම යුවලගේ හතර හැවිරිදි දරුවා ද එම ස්ථානයේ සිටියදීයි.