වයස අවුරුදු 16ක දැරියක් වරින් වර දුෂණ කළ බව කියන ඇයගේ පියා සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව පොලීසිය සඳහන් කරයි.
අතවරයට ලක්ව ඇත්තේ එළුවන්කුලම, අයිලිය ගම්මානයේ පදිංචි ව සිටි දැරියක් බව වාර්තා වේ.
අතවරයට පත්ව ඇති දැරියගේ මව ඇය කුඩා කාලයේ දීම මිය ගොස් ඇති අතර, පසුව ඇය පියා සහ සහෝදරයා සමඟ ජීවත් වී ඇත.
2023 අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්දට පෙර දිනයක දී පියා සහ සහෝදරයා තමන්ව දුෂණය කළ බවත් එදින සිට ඔවුන් දෙදෙනා වරින් වර තමාව දුෂණය කළ බවත් අතවරයට පත්ව ඇති දැරිවිය පොලීසිය හමුවේ පවසා තිබේ.
දැරිවියට අතවර කළ බව කියන පියා 53 වන වියේ සහ සහෝදරයා 14 වන වියේ පසුවන බව වාර්තා වේ.
අතවරය පත් ව ඇති බව පැවසෙන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.