තීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි යුදහමුදා නිල ඇඳුම් හා සන්නිවේදන උපකරණ සමඟ පුද්ගලයන් දෙදෙනෙකු දෙමටගොඩ ගුවන් පාලම අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
එම පුද්ගලයන් දෙදෙනා සමඟ යුද හමුදා නිළ ඇඳුමට සමාන කලිසම යුද හමුදාව භාවිතා කරන කැලෑ තොප්පියක් , ප්රොලැබ් වර්ගයේ අත්යන්ත්‍ර තුනක්, එම බැටරි තුනක් , එම බැටරි ආරෝපණ යන්ත්‍ර දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
සිදුවන මනුෂ්‍ය ඝාතන හේතුවෙන් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂක සැලැස්මට අනුව ජයවර්ධනපුර කඳවුරට අනුයුක්තව ඩී කලාපයේ රාජකාරි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇත.
අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ පහ හා මහරගම පදිංචි වයස අවුරුදු 42 හා 45 ත් අතර පසුවන්නන්ය. සැකකරුවන් දෙමටගොඩ පොලිසිය වෙත භාරදී ඇත.