ඌරුතුඩාව ප්රදේශයේ ඇළ මාර්ගයක තිබී අද (22) උදෑසන පොලිසිය විසින් සැකසහිත යතුරුපැදියක් සොයා ගෙන තිබෙනවා.
පොලිසිය සැක කරන්නේ මෙම යතුරුපැදිය කිසියම් අපරාධයකට යොදා ගන්නට ඇති බවයි.
අඟුරුවාතොට පොලිසියට ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයේදී මෙම යතුරුපැදිය අඟුරුවාතොට ඇළකට දමා ගොස් තිබියදී හමු වී ඇති අතර එහි චැසි සහ එන්ජින් අංක මකා දමා ඇති අතර ඉදිරිපස ලියාපදිංචි අංක තහඩුව පමණක් තිබූ බවයි වාර්තා වන්නේ.
මෙම යතුරුපැදියේ සවි කර තිබූ ලියාපදිංචි අංක තහඩුව අනුව ඉදිරි විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කළා.
මෙම සිද්ධිය සම්බන්ධව අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.